දේශීය

මැතිවරණ කොමිසම අඟහරුවාදා රැස්වෙයි

පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම ලබන අඟහරුවාදා රැස්විමට නියමිතයි.

මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ලබා දෙන්නැයි දිගින් දිගටම කළ ඉල්ලීම්වලට බලධාරින්ගෙන් මෙතෙක් නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බව කොමිසම සඳහන් කළා.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියට ද, මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව, කොමිසම සඳහන් කරනවා.

කෙසේ වෙතත් ඉදිරි දින දෙක තුළ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ජාවක් ලැබෙනු ඇතැයි කොමිසමේ අපේක්ෂාව වී තිබෙනවා.

අප්‍රේල් 25 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව මේ වන විට දින නියම කර ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button