දේශීය

අද සිට බිත්තර කිලෝ ගානට

බර අනුව බිත්තර අලෙවි කිරීම සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

අද (20) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඊට අදාළ ගැසට් පත්‍රය ද ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව සුදු බිත්තර කිලෝග්‍රෑම් එකක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 880ක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දුඹුරු බිත්තර කිලෝග්‍රෑම් එකක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 920ක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළා.

පසුගිය දින කිහිපය තුළ බර අනුව බිත්තර විකිණීමේ දී වැඩි මිලට විකුණු වෙළෙඳුන්ට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගනු ලැබුවා.

බිත්තර සඳහා පසුගිය ජනවාරි මස 20 වන දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් උපරිම සිල්ලර මිලක් නියම කළ අතර ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 44ක් සහ දුඹුරු බිත්තරයක් රුපියල් 46ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button