දේශීය

මැතිවරණ කොමිසමෙන් ග්‍රාම නිලධාරීන්ට දැනුම්දීමක්

2023 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු සිදු කිරීමේදී ඇතැම් ග්‍රාම නිලධාරීවරුන්ගේ කාර්යභාරය නිසි පරිදි සිදු නොවන බව මැතිවරණ කොමිසම චෝදනා කරනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ඒ හේතුවෙන් නියමිත රාජකාරියේ නිරත ග්‍රාම නිලධාරින්ගේ කටයුතුවලටද ඉන් බාධා ඇතිවන බවයි.

සිය රාජකාරි කටයුතු සිදු කිරීමේදී විවිධ ගැටළුවලට මුහුණපෑමට සිදුව ඇති බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය ඊයේ කියා සිටියා.

ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු මේ දිනවල සිදු කෙරෙන අතර, ග්‍රාම නිලධාරීන් ගෙයින් ගෙට ගොස් අදාළ පෝරම පිරවීමේ කටයුතු සිදුකරනු ලබනවා.

කෙසේ වෙතත් එම කටයුතු නිසි පරිදි සිදු නොවන බවටද තොරතුරු වාර්තාවී ඇති බවයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button