දේශීය
කෙහෙළියට විශ්වාසභංගයක්
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංගයට අත්සන් කිරීමේ වැඩසටහන ආරම්භ කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.
ආණ්ඩුවේ අයට කොන්දක් තිබේ නම් මෙම විශ්වාසභංගයට අත්සන් කරන්නැයි ආරාධනා කරන බවද විපක්ෂනායකවරයා සඳහන් කළා.
රටක සෞඛ්‍ය යනු ජනතාවගේ ජන ජීවිතය බවත් සෞඛ්‍ය පිරිහීම ජනජීවිතයේ කඩාවැටීම බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියා.