ක්‍රීඩා

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 30 වනදා පාකිස්තාන සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් ආරම්භවීමට නියමිතයි.

ඒ අනුව, තරගාවලිය සඳහා “ඒ” කාණ්ඩය යටතේ ඉන්දියාව, නේපාලය සහ පකිස්ථානය සහභාගී වන අතර ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, සහ ශ්‍රී ලංකාව “බී” කාණ්ඩය යටතේ සහභාගී වනවා.

එහිදී තරග 4ක් පාකිස්තානයේ පැවැත්වෙන අතර, ඉන්දු – පාකිස්තාන තරගය සහ අවසන් මහා තරගය ඇතුළුව තරග 9ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි.

පළමු තරගය හෙට පකිස්තානය සහ නේපාලය අතර දිවා රාත්‍රී තරගයක් ලෙස පාකිස්තානයේ මුල්තාන්හි දී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අනිද්දා පල්ලෙකැලේ ක්‍රීඩංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

සෙසු කණ්ඩායම් පහේම ක්‍රීඩක සංචිත නම් කර ඇති අතර, ශ්‍රී ලංකා සංචිතය මේ දක්වා නම් කර නොමැති බව වාර්තා වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button