දේශීය

තිරිඟු පිටි ආනයන බද්ද ඉහළට

තිරිඟුපිටි ආනයන බලපත්‍ර ක්‍රමය ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති අතර තිරිඟුපිටි ආනයනයේ දී පනවා තිබූ බදු මුදල  කිලෝවකට රුපියල්16 සිට රුපියල් 27 දක්වා ඉහළ දැමීමටත් තිරිඟු ඇට සඳහා රුපියල් 06ක බද්දක් පැනවීමටත් කටයුතු කළ බව එම නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත් අමාත්‍යවරයා අවධාරණය කරන්නේ මේ හේතුවෙන් තිරිඟුපිටි මිල ඉහළ යාමක් සිදුනොවන අතර ආනයන පාලනයක් ඇති කිරීම පමණක් මෙමඟින් අපේක්ෂා කරන බවයි.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button