දේශීය

සුපිරි නීල සඳක් අද රාත්‍රියේදී

සෙනසුරු සමඟ ඉතා විරල සුපිරි නීල සඳක් අද (30) රාත්‍රීයේදී ජනතාවට දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.

මහාචාර්යවරයා පැවසුවේ හෙට දින උදෑසන 5.00ට පමණ මෙම සුපිරි නිල් සඳ වඩාත් හොඳින් නැරඹිය හැකි බවයි.

ඒ ආසන්නයේම ඉතා දීප්තිමත් සෙනසුරු ග්‍රහයා ද දැකගත හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එකම මාසයක පුර පසළොස්වක සඳ දෙකක් පවතින විට ඉන් දෙවන පුර පසළොස්වක පොහොය සඳ, නිල් සඳ ලෙස හඳුන්වන අතර එය  සැබැවින්ම නිල් පැහැයෙන් දිස් වන්නක් නොවන බවයි වාර්තා වෙන්නේ .

මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ මෙම සුපිරි නීල චන්ද්‍රයා නැවතත් දැකගත හැකි වනුයේ  2037 වසරේ ජනවාරි මාසයේ බවයි.

මේ අතර, අප පසුගිය කාලයේ දැක ඇති පූර්ණ චන්ද්‍රයන්ට වඩා සියයට 14කින් විශාල මෙන්ම   30%ක් පමණ වැඩි දීප්තියකින් යුක්ත පූර්ණ සඳක් අද දිනයේ නිරීක්ෂණය කර ගත හැකි වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button