මහණ වූ යුවලගේ දරුවාද මහණ කිරීමේ සූදානමක්
![](https://www.sinhala.dailytimes.lk/wp-content/uploads/2023/08/4yearchild.jpg)
කැබිතිගොල්ලෑවේ පදිංචි පවුලක් සිය නිවස සහ දේපළ යන සියල්ලම සසුනට පූජාකරමින් පැවිදි දිවියට එළැඹීමේ පුවතක් පසුගියදා සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතාබහට ලක්ව තිබුණා.
එකම පවුලේ මව, දියණිය සහ බෑණා වන ඔවුන් පහළ උස්ගොල්ලෑවේ පිහිටි සිය නිවස, ඉඩම් ඇතුළු දේපළද සසුනට පූජාකරමින් මෙලෙස පැවිදි දිවියට එළඹ ඇති බවයි වාර්තා වෙන්නේ.
සිව් හැවිරිදි දරුවෙක් සිටින මව්පිය යුවලක් වන කැබිතිගොල්ලෑව පහළ උස්ගොල්ලෑවේ පදිංචිව සිටි වත්සලා දුෂ්මන්ති සහ ඇයගේ සැමියා වන නුවන් මධුෂංක පසුගිය 27 වන දින මෙලෙස පැවිදි දිවියට ඇතුළත් වී තිබෙනවා.
33 හැවිරිදි වත්සලා ගිහිකළ වෘත්තියෙන් ගුරුවරියක් වූ අතර ඇගේ සහෝදරයා වන මැදවච්චිය ඇටඹගස්කඩ ඇටවීරගොල්ලෑවේ ගෝසිංග වන අරණේ සේනාසනාධිපති පූජ්‍ය කැබිතිගොල්ලෑවේ අමරතිස්ස හිමියන්ගේ මඟපෙන්වීම අනුව ඇය පැවිදි දිවියට ඇතුළත් වීමට තීරණය කර තිබෙනවා.
ඔවුන් දෙපළ පමණක් නොව වත්සලාගේ මව වන, ගෝසිංග සේනාසනාධිපති හිමියන්ගේ ගිහිකළ මවත් එදිනම සසුන්ගත වී තිබුණා.
කෙසේ වෙතත් සිව් හැවිරිදි දරුවෙකු සිටින දෙමාපිය යුවළක් මෙලෙස පැවිදි දිවියට එළඹීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනාත්මක අදහස් පළ වුණා.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ගෝසිංග සේනාසනාධිපති පූජ්‍ය කැබිතිගොල්ලෑවේ අමරතිස්ස හිමියන් පවසන්නේ මෙවැන්නක්.
“නැගණියගේ පුංචි දරුවා අවුරුදු 4ක් වෙන්නේ ඉතින් ඒ දරුවාද මෙහෙණවර වාසය කරනවා. ඒ දරුවා පැවිදි දිවියට පත්වෙන්න සුදුසු විදිහට නැත්නම් සිල් රැකගන්න විකාල භෝජන ශික්ෂාපදය විශේෂයෙන්ම රැකගන්න පුළුවන් විදිහට හුරුකිරීම් කරනවා. අනතුරුව ඒ දරුවා ඉතා කැමැත්තෙන් ඉන්නවා පැවිදි වෙන්න.”