දේශීය

වාහන ආනයන තහනම තිබියදී පොලීසියට වාහන 3000ක් ගෙන්නලා

වාහන ආනයන තහනමෙන් පසු විශේෂ කටයුතු සඳහා පමණක් වාහන 6,900කට ආසන්න ප්‍රමාණයක් මෙරටට රැගෙන ඒමට අවසර දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

යටියන්තොට මලල්පොල ප්‍රදේශයේ ඊයේ (30) සවස පැවති ආගමික උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙහිදී සඳහන් කළේ, එම වාහනවලින් 3,000ක්ම පොලිස් දෙපාර්තමේන්තුවට රැගෙන ආ ත්‍රිරෝද රථ හා ජීප් රථ බවයි.

එසේම ගිලන් රථ, පොදු ව්‍යාපෘතිවලට අවශ්‍ය රථ, තානාපති කාර්යාලවලට අවශ්‍ය රථ ආදී පොදු අවශ්‍යතාවයන්ට හැරුණූකොට වෙනත් කිසිදු වාහනයක් ගෙන්වීමට අවසර ලබා නොදුන් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී  දැනුම් දුන්නේ මේ වනවිට වාහන අමතර කොටස් ගෙන්වීමට තිබු තහනම සම්පූර්ණයෙන් ඉවත් කර ඇති අතර , ඉදිරියේ දී පියවරෙන් පියවර වාහන ආනයන තහනමද ඉවත් කිරීමට කටයුතු කරන බවයි.  

“2020 ජූනි මාසේ 5 තමා අපි නැවැත්තුවේ වාහන ගෙන්වන එක. පසුගිය දා අපි අවසර දුන්නා ඒ සඳහා පොදු ප්‍රවාහනයට. ඒ වෙනකල් වාහන ගෙනල්ලා තියෙනවා 6,900ක් වගේ විශේෂ කටයුතු සඳහා. මෙයින් 2,000ක් තියෙන්නේ පොලීසියට අවශ්‍ය ත්‍රීවිල්. තව 1,000ක් පොලීසියට අවශ්‍ය රථ. ගිලන් රථ, පොදු කටයුතුවලට අවශ්‍ය රථ, තානාපති කාර්යාලවලට වගේ. එවැනි පොදු කටයුතු හැර වෙන ඒවට අපි අවසර ලබාදීලා නෑ. වැරදි විදියට ගෙනාපු වාහන තියෙනවා නම් වහාම අත්අඩංගුවට ගන්න කටයුතු කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button