අදානි සමාගමේ තවත් රහස් රැසක් එළියට
![](https://www.sinhala.dailytimes.lk/wp-content/uploads/2023/09/adani.jpg)
ඉන්දියාවේ අදානි සමාගමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙක් බර්මියුඩාවේ ගෝලීය අවස්ථා අරමුදල, අදානි සමාගම වෙත කොටස් රැස් කරගැනීමේ උපක්‍රමයක් ලෙස යොදා ගෙන තිබෙන බව Financial Times පුවත්පත හෙළි කරනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නසාර් අලි ෂබාන් සහ තායිවානයේ චැං චුන්ග්-ලින්ග් යන පුද්ගලයන් මෙලෙස කටයුතු කර ඇති බව එම වාර්තාවේ සඳහන්.
එම වාර්තාව පෙන්වා දෙන්නේ මෙම පුද්ගලයන් දෙදෙනා අදානි සමාගමේ අයිතිකරු වන ගෞතම් අදානිගේ සොහොයුරා වන විනෝද් අදානි සමඟ සමීප සබඳතා පවත්වන ආයෝජකයන් දෙදෙනෙකු බවයි.
විනෝද් අදානි යටතේ කටයුතු කරන සේවකයෙකු විසින් හසුරුවන ලද මෙම ගනුදෙනුව කොටස් මිල හැසිරවීමට එරෙහි රෙගුලාසි මඟ හැරීම සම්බන්ධයෙන් සැක කර ඇතැයි අදාළ වාර්තාව අනාවරණය කරනවා.
සංවිධානාත්මක අපරාධ සහ දූෂණ වාර්තාකරණ ව්‍යාපෘතිය, ඔවුන්ගේ ක්‍රියාකාරකම් හෙළි කරමින් අදාළ ලේඛන Financial Times පුවත් පත වෙත ලබා දී තිබෙනවා .
හින්ඩන්බර්ග් පර්යේෂණ ආයතනය විසින් මීට පෙර කොටස් මිල ගණන් හසුරුවන බවට අදානි සමූහ ව්‍යාපාරයට චෝදනා කර තිබූ අතර එය ඔවුන්ගේ වටිනාකම් තක්සේරුවේ සැලකිය යුතු පහත වැටීමකට තුඩු දී තිබුණා.
එම වාර්තාව පෙන්වා දෙන්නේ බර්මියුඩාවේ ගෝලීය අවස්ථා අරමුදල තුළ විශේෂිත ආයෝජන ව්‍යුහයන් භාවිතා කරමින් අදානි සමාගමට සම්බන්ධ ව්‍යාපාර සහයකයන් වන අලී සහ චං මෙම යෝජනා ක්‍රමය ප්‍රධාන වශයෙන් හසුරුවන්නන් බවට පත්ව ඇති බවයි.
මෙම ප්රවර්ධක සමූහය තුළ විනෝද් අදානිගේ භූමිකාව හේතුවෙන් මෙම සබඳතාව ඉතා තීරණාත්මක වන අතර, ඉන්දීය කොටස් වෙළඳපොල නීතිවලට අනුව එහි 75% හිමිකාරිත්වය නොඉක්මවිය යුතු බවයි වාර්තා වෙන්නේ.
ඉන්දියානු මූල්‍ය නියාමකයින්ද අදානි සමාගම මෙලෙස කොටස් හසුරුවීම පිළිබඳව සැක පළ කර ඇති අතර වත්කම්වල හිමිකරුවන් හඳුනා ගැනීමේදී ඇති විය හැකි ගැටළු සම්බන්ධයෙන්ද මෙම ලේඛන අනාවරණය කර තිබෙනවා.
මෙම ආයෝජන ව්‍යුහයන් සපයන ලදුව ඇත්තේ 360 One නමැති සමූහයකින් වන අතර එම සමූහය මින් පෙර අවස්ථාවලදී සැක සහිත කටයුතු හේතුවෙන් පරීක්ෂාවටද ලක්ව තිබුණා.
නමුත් අදානි සමූහ ව්‍යාපාරය සහ එහි මාධ්‍ය ප්‍රකාශකයා එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ අදාළ ආයෝජන ව්‍යුහයන් නීත්‍යානුකූල වන බවයි.
කෙසේ වෙතත් චං සහ විනෝද් අදානි මේ සම්බන්ධයෙන් අදහස් දක්වා නැහැ.
මෙම ආයෝජන ව්‍යුහයන් සැකසී ඇති සංකීර්ණ සැකැස්ම ඩුබායි, මොරිෂස්, බර්මියුඩා සහ ඉන්දියාව යන කලාප එකිනෙක සම්බන්ධ කරන බවද මෙහිදී හෙළිව තිබෙනවා.
360 One ආයතනය ආයෝජන සඳහා උපදෙස් දීමට ඩුබායි හි පිහිටි අදානි සමාගමට අනුබද්ධ ආයතනයකට මුදල් ගෙවා ඇති බවද මෙමඟින් වාර්තා කරනවා.
අදානි සමූහයේ මෙම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඉන්දියානු නියාමකයින් විසින් කරන ලද විමර්ශනයන්ද මෙම රහස්‍ය පත්‍රිකා මඟින් හෙළිදරව් වී තිබෙනවා.
කෙසේ වෙතත්, නියාමන ආයතනවල සුපරික්ෂාකාරී බව පිළිබඳ ප්‍රශ්නවලට තුඩු දුන් මෙම විමර්ශන අවසන් ප්‍රතිඵලයක් නොමැතිව නවතා දමා තිබෙනවා.