ක්‍රීඩා

ශ්‍රී ලංකාව සුපිරි 4 දෙනාගේ වටයට

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද (05) ලාහෝර් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

උද්වේගකාරී තරගයකින් පසු ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 37යි පන්දු 04කදී ලකුණු 289ක් තුළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ කඩුලු සියල්ලම දවා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.  

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රි ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදී පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 291ක් ලබා ගැනීමට සමත් වුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පැමිණි පැතුම් නිස්සංක ලකුණු 41ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 32ක් ලබා ගත්තා.

කුසල් මෙන්ඩිස් ලකුණු 92ක්, චරිත් අසලංක ලකුණු 36, මහීෂ් තීක්ෂන ලකුණු 28ක්, දුනිත් වෙල්ලාලගේ ලකුණු 33ක් ලබා ගැනීමට සමත් වුණා.

 ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට ඇෆ්ගනිස්ථානයට ලකුණු 292ක ඉලක්කයක් හිමි වුණා.

ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් සීටි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ Mohammad Nabi පන්දු 32කට ලකුණු 65ක් ලබා  සිටියදී මහීෂ් තීක්ෂනගේ පන්දුවකට දැවී ගියා.

Hashmatullah Shahidi පන්දු 65කට ලකුණු 59ක් ලබා සිටියදී දුනිත් වෙල්ලාලගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

මෙම තරගය ලකුණු 02කින් ජයග්‍රහණය කිරීමටහ් සම්මග ශ්‍රී ලංකාව සුපිරි 04 දෙනාගේ වටයට සෘජුව සුදුසුකම් ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button