දේශීය
ඉදිරියේ දී විශ්වවිද්‍යාල 10ක් ලංකාවට
![](https://www.sinhala.dailytimes.lk/wp-content/uploads/2023/09/campus-2.jpg)
ඉදිරියේදී විශ්වවිද්‍යාල 10ක් මෙරට ස්ථාපනය කිරීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු සමාජීකයන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී, ඔහු මේ බව සඳහන් කළා.
තවද ශිෂ්‍ය ණය පහසුකම් යටතේ විදේශ රටවලට ගොස් උසස් අධ්‍යාපනයට සිසුන්ට අවස්ථාව ලබා දෙන බවත්, සිසුන්ට තම අනාගතය සැලසුම් කිරීමට අවශ්‍ය විෂය ක්ෂේත්‍රය තෝරා ගැනීමේ අවස්ථා එම විශ්වවිද්‍යාලය හරහා ලබා දීමට සුදුසු ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණය කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ 21වැනි ශත වර්ෂයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීමට මුලික පියවර ගෙන ඇති අතර, ඒ සඳහා විදෙස් රටවල්වලින් හා ප්‍රවීණයන්ගෙන් මෙන්ම ශිෂ්‍ය පාර්ලිමේන්තුව මගින් ද අදහස් ලබා ගන්නා බවයි.