ක්‍රීඩා

ඇෆ්ගන් පරාජය ගැන පරීක්ෂණයක්?

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තරගයේදී ඇෆ්ගනිස්තානය පරාජය වීම සම්බන්ධයෙන් ඔවුන්ට යම් අසාධාරණයක් වූ බවට එල්ලවන චෝදනාවන් පිළිබදව පරීක්ෂණයක් කරනු ඇතැයි ඇෆ්ගනිස්තාන කණ්ඩායම අපේක්ෂා කරනවා.

පන්දු ඕවර් 38.1 දක්වා ඔවුන්ට තරගය ජය ගැනීමට ඉඩ තිබුණද සුපිරි සිවිදෙනාගේ වටයට පිවිසීම සඳහා ඔවුන්ට  ලබා දුන්නේ පන්දු ඕවර් 37.1 දක්වා වූ ඉලක්ක පමණක් බව එහිදී අවධාරණය කළා.  

ක්‍රිකට් අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරන්නේ, මේ තොරතුරු දර්ශන තිරවල ප්‍රදර්ශනය නොවීම හේතුවෙන්,ඇෆ්ගනිස්තානයට තරගය ජය ගැනීමට මෙන්ම අවසන් සිව්දෙනා අතරට ඒමට හැකි මාර්ග පිළිබදව නිසි අවබෝධයක් නොලැබීම ගැන එල්ලවන විවේචන සම්බන්ධයෙන් ගැටළුවක් ඇති බවයි.

මේ තත්ත්වය ආසියාතික රටවල් කිහිපයකින් පත්කර තිබෙන ආසියානු තාක්ෂණික කමිටුවටද වාර්තා වී තිබෙන බව එම ආරංචිමාර්ග පෙන්වාදෙන අතර, තරගයේ තීරණය සම්බන්ධයෙන් බලපෑමක් ඇති නොවුණත්,එම වගකීම භාරව සිටිය නිලධාරීන් සම්බන්ධයෙන් යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ ඇති බවද එම ආරංචිමාර්ග පෙන්වා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button