විදෙස්
ගාසා තීරයේ සෑම දිනකම පැය 04ක සටන් විරාමයක්
සාමාන්‍ය වැසියන්ට පිටව යාම සඳහා උතුරු ගාසා තීරයේ සෑම දිනකම පැය 4ක සටන් විරාමයක් ක්‍රියාත්මක කරන බව අමෙරිකාව පවසනවා.
අමෙරිකා ජනාධිපති ඩෝ බයිඩන් සදහන් කර ඇත්තේ,මෙය ඉතා යහපත් ප්‍රතිඵලයක් බවයි.
කෙසේවෙතත් මීට පෙර ඊශ්‍රායල හමුදාව පැවසුවේ, හමාස් සංවිධානයට ශක්තිමත් වීම සඳහාවන සටන් විරාම ක්‍රියාත්මක නොකරන බවයි.
මේ අතර ගාසා තීරයේ ඉස්ලාමීය ජෙහාඩ් කණ්ඩායම වයෝවෘද්ධ කාන්තාවකගේ සහ පිරිමි ළමයෙකුවන ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන්ගේ වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.
හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ගාසා තීරයේ දසදහස් අටසියයකට වැඩි පිරිසක් මියගොස් ඇති අතර ඉන් හාරදහස් හාරසියයකට වැඩි පිරිසක් ළමයින් බවයි වාර්තාවන්නේ.