දේශීය
මහනුවර අධිකරණ සංකීර්ණයේ බෝම්බ බියක්
මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට (119) ලද තොරතුරකට අනුව අධිකරණ සංකීර්ණය තුළ සියලු නඩු කටයුතු නවතා එහි සිටි ජනතාව ඉවත්කොට පුළුල් පරීක්ෂාවක් සිදු කරන බව පොලිසිය පවසනවා.
අද (02) පෙරවරු 10.00 පමණ එම දුරකථන ඇමතුම ලැබී තිබූ අතර පොලිසිය වහාම විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය කැඳවා එම විමර්ශන කටයුතු සිදුකරනු ඇති.
මේ සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරියෙකු අවධාරණය කර සිටියේ මෙම දුරකථන ඇමතුම කිසියම් පුද්ගලයකුගේ ව්‍යාජ දුරකථන ඇමතුමක් බවට අනාවරණය වුවහොත් තොරතුර ලබාදුන් දුරකථන අංකය ඔස්සේ පුළුල් විමර්ශනයක් සිදුකොට ඔහුට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.