ක්‍රීඩා ඇමතිගේ අතුරු කමිටුව ගැන හොයන්න කැබිනට් අනු කමිටුවක්
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා අතුරු පාලන කමිටුවක් පත් කිරීමට ගත් තීරණය රටට බලපාන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සිව් පුද්ගල අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් අද (06) පත් කර තිබෙනවා.
මෙම අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ ප්‍රධානතම පරමාර්ථය වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් නොවැටී තබාගෙන ඉදිරියට ගෙන යාම සඳහා ගතයුතු හොඳම ක්‍රියා මාර්ගය රජයට යෝජනා කිරීමයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉහත කමිටුව පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහත්වරු ඇතුලත්වී ඇති බවයි සඳහන්වන්නේ.
ක්‍රීඩා යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීමට පියවර ගෙන ඒ සම්බන්ධයෙන් රජය දැනුවත් කර නොතිබූ බව ප්‍රකාශවූ අතර අමාත්‍ය මණ්ඩල අනු කමිටුව පත්කරනු ලැබුයේ මෙවැනි පසුබිමක් යටතේ බවයි වාර්තාවන්නේ.