දේශීය

කොළඹ උද්ධමනයේ වෙනසක්

2024 සැප්තැම්බර් මාසයේ  -0.5%ක් ලෙස වාර්තා වූ කොළඹ උද්ධමනය 2024 ඔක්තෝබර් මාසයේදී -0.8% ක් දක්වා අඩු වී තිබෙනවා.

2024 ඔක්තෝබර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය  1.0% දක්වා වැඩි වී ඇති අතර 2024 සැප්තැම්බර් මාසයේ දී එය වාර්තා වුයේ -0.3%ක්  ලෙසයි.

එමෙන්ම,  2024 ඔක්තෝබර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය -1.6%  ක් දක්වා අඩු වී ඇති අතර එය 2024 සැප්තැම්බර් මාසයේ දී -0.5%  ක් ලෙස වාර්තා වුණා.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 ඔක්තෝබර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය  ප්‍රකාශයට පත් කරමින් ඒ බව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button