කොළඹ ජනප්‍රිය පාසලක විදුහල්පතිවරයෙකුට මුදල් වංචා චෝදනාවක්
මෙම වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ දී රුපියල් ලක්ෂ හැත්තෑවකට අධික මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වූ කොළඹ මහානාම විදුහලේ විදුහල්පති ඒ . සී. පෙරේරා සහ නියෝජ්‍ය විදුහල්පති එම්. රත්නායක වහාම ක්‍රියාත්මක වන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත කරනු ලැබුවා.
දරුවන් ඇතුළු කර ගැනීමට දෙමවුපියන් ලවා කූට ලේඛන සකස් කරවාගනු ලැබ ඇති බව අභ්‍යන්තර විගණන අංශ කර තිබෙන මූලික පරීක්ෂණයකින් මේ වන විට අනාවරණය වී තිබෙන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළා. විදුහල්පතිවරයා සහ නියෝජ්‍ය විදුහල්පතිවරයා අමාත්‍යාංශයට අනුයුක්ත කර ඇත්තේ බාධාවකින් තොරව ඉදිරි පරීක්ෂණ කටයුතු කරගෙන යාමට යැයි සඳහන්.
කූට ලේඛන සකස් කරවාගෙන ඇති බවට චෝදනා එල්ල වීම මත මෙම දෙදෙනා අමාත්‍යාංශයට අනුයුක්ත කිරීමෙන් පමණක් ගැටලුව නිරාකරණය නොවන බවත් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීම අවශ්‍ය බවත් ආදි ශිෂ්‍ය සංගම් නියෝජිතයෙක් පැවසුවා. මේ සම්බන්ධයෙන් මෙම සතියේ දී විධිමත් පරීක්ෂණයක් කරන ලෙස අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බවත් එම නියෝජිතයා සඳහන් කළා.