දේශීය
විදුලි යතුරුපැදි ලියාපදිංචි රෙගුලාසි සැකසීමට කමිටුවක්
ආනයනය කිරීමට නියමිත විදුලි යතුරුපැදි ලියාපදිංචියට අදාළ රෙගුලාසි සැකසීම සඳහා කමිටුවක් පත්කර ඇතැයි, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා .
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, නිශාන්ත අනුරුද්ධ මහතා සඳහන් කළේ මේ වන විට එම කමිටුව ඊට අදාළ කටයුතු ආරම්භ කර ඇති බවයි.
මෝටර් රථ ප්‍රවාහන පනත සංශෝධනය කර ඇති බවත් ඒ අනුව මෙම විදුලි වාහන ලියාපදිංචිය සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව ද ඔහු ප්‍රකාශ කළා .