දේශීය

දයාසිරිගෙන් පොලීසියට පැමිණිල්ල​ක්

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (06) පෙරවරුවේ මරදාන පොලිසියට පැමිණ පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

ඒ, අධිකරණය ලබාදුන් තීන්දුවට අනුව ශ්‍රී ලං​කා නිදහස් පක්ෂයේ මහලේකම් ධූරයේ වැඩ භාර ගැනීම සඳහා ඊයේ (05) නිදහස් පක්ෂ මූලස්ථානය වෙත ගිය​ද ඊට ඇතුළුවීමට අවසර ලබානොදීම සම්බන්ධයෙන්.

කොළඹ දිසා අධිකරණය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා​ට ලබාදුන් අධිකරණ තීන්දුවට අනුව ඔහු ඊයේ කොළඹ ඩාලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණියේ සිය ධුරයේ වැඩ භාර ගැනීම සඳහායි.

කෙසේවෙත​ත් නිමල් සිරිපාල ද සිල්වා මහ​තා පාර්ශ්වයේ පිරිසක් විසින් පක්ෂ මූලස්ථානයට ඇතුළුවන ගේට්ටුව ඉබියතුරු දමා වසා තිබීම හේතුවෙන් උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා.

එවන් පසුබිමක දයාසිරි ජයසේකර මහතා​ය පක්ෂයේ මහලේකම් ධුරයේ වැඩ භාර ගැනීමට සිදුවූයේ පක්ෂ මූලස්ථානය ඉදිරිපිට තාවකාලිකව සූදානම් කළ ස්ථානයකදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button