විදෙස්

වෛද්‍ය විද්‍යා ඉති­හා­සයේ ප්‍රථම වරට පූර්ණ අක්ෂි බද්ධ­යක්

ලොව ප්‍රථම වරට පූර්ණ අක්ෂි බද්ධයක් අමෙරිකාවේ නිව්යෝක් නුවරදී සිදු කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරනවා.

එහිදී වැඩිදුරටත් වාර්තාවන්නේ, අධි බලැති විදුලි සැර වැදීමකට ලක්වී දිවි බේරාගත් ආරොන් ජේම්ස් නමැති රෝගියකුට සිදු කර ඇති එම ඓතිහාසික අක්ෂි බද්ධ කිරීමේ සැත්කමට පැය 21ක් ගතවූ බවයි.

එම සැත්කම සිදු කළ වෛද්‍යවරු ප්‍රකාශ කර ඇත්තේ රෝගියාට නැවත පෙනීම ලැබෙනු ඇතැයි නිශ්චිත වශයෙන් තහවුරු කළ නොහැකි වුවද, එය අතිසාර්ථක සැත්කමක්වූ බවයි.

විදුලි සැර වැදීමෙන් රෝගියාගේ මුහුණේ අඩක් පමණ විනාශවී තිබූ බවත්, වම් ඇස මුළුමනින්ම පිලිස්සි තිබූ බවත් වෛද්‍යවරු සඳහන් කර තිබෙනවා.

එහිදී 46 හැවිරිදි රෝගියා සැත්කමින් පසු සුවය ලබමින් සිටින අතර, ඔහුගේ දකුණු ඇස සාමාන්‍ය පරිදි ක්‍රියා කරන බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button