දේශීය

රාජසභාව කැඩූ නගරාධිපතිට අධිකරණ නියෝගයක්

දෙවන බුවනෙකබාහු රජු භාවිත කළ  කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි “රාජ සභා මණ්ඩපය” ඩෝසර් කිරීමේ සිද්ධිය  සම්බන්ධයෙන්  හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පස්දෙනෙකුට කුරුණෑගල මහාධිකරණය විසින් නියම කළ  බරපතල වැඩ සහිත වසර තුනක සිර දඬුවම වසරක සිර දඬුවමක් දක්වා අඩු කිරීමට අභියාචනාධිකරණය තීරණය කළා.

ඒ අනුව ඔවුන් චෝදනා තුනකට වැරදිකරුවන් කරමින් වසර බැගින් වන පරිදි වෙන් වෙන්ව ගෙවී යන ලෙස වසර තුනකට නියම කර තිබූ  සිර දඬුවම එකවර ගෙවී යන සේ වසරක් තෙක් අඩු කිරීමට නියම කෙරුණා.

එම විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම්වල තීන්දුව දෙමින් විනිසුරු පී.කුමාරන්රත්නම් මහතාගේ එකඟතාවය සහිතව අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

කුරුණෑගල මහාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කළ 2023 වසරේ දෙසැම්බර් මස 14 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සිර දඬුවම  බලපැවැත්විය යුතු බවටද නියම කෙරුණා.

මෙම නියෝගය සිදු කෙරුණේ, අදාළ සිර දඬුවමට එරෙහිව ගොනුකර තිබූ අභියාචන පෙත්සමකට අවසර දෙමින්.

2020 වසරේ කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ චෝදනාවන්ට කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු කුරුණෑගල මහාධිකරණය හමුවේ වරද පිළිගත් අතර ඉන් අනතුරුව ඔවුන්ට බරපතළ වැඩ සහිත වසර තුනක් බැගින් සිරදඬුවම් සහ දඩ නියම කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button