දේශීය

ලබන වසරේ සිට දෛනිකව ඉන්ධන මිල සංශෝධනයට තීරණයක්

ලබන වසරේ සිට දෛනිකව ස්වයංක්‍රියව ඉන්ධන මිල සංශෝධනයට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් කර තිබෙනවා.

ඒ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා, ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග පැවති සාකච්ඡාවකදියි.

ඉන්ධන බෙදුම්කරුවන්ගේ අලෙවි මුදල් පිළිබඳව ක්‍රියාත්මක වන නඩු කටයුතු සමථයකට පත්කර ගැනීම මෙන්ම  නව ඉන්ධනහල් ඉදිකිරීමේ කටයුතු හා  ලිහිසි තෙල් අලෙවිය සම්බන්ධයෙන්ද එහිදි සාකච්ඡා කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,  සියලුම ඉන්ධනහල් සඳහා ස්වයංක්‍රීය පොම්ප සහ තොග ලබා ගැනීමේ උපකරණ සවිකිරීමට අමාත්‍ය කංචන විජේසේකර මහතා එහිදී සාකච්ඡා කළ බවයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button