දේශීය

බලපෑම් වැඩි වුණොත් ඉන්ධන බෙදාහැරීම අත්හිටුවීමට තීරණයක්

ඉන්ධන ප්‍රවාහන බවුසර් රථවලට ජනතාව විසින් සිදුකරන බලපෑම් අඛණ්ඩව පැවතියහොත් බෙදාහැරීම් කටයුතු අත්හිටුවීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසා ඇත.

ඔහු පවසා තිබෙන්නේ ඉන්ධන බෙදාහැරීමේ බවුසර් රථ ඇනවුමට අදාළ නොවන ඉන්ධන පිරවුම්හල් වෙත ගොඩබාන ලෙස ජනතාව විසින් බලපෑම් සිදුකරන බවය.

එවැනි ස්ථානවලදී ගොඩබෑම සිදු නොකරන්නේ නම් බවුසර් රථ සඳහා ගිනිතබන බවට ද ජනතාව විසින් තර්ජනය කිරිමේ සිදුවීම් වාර්තා වන බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මෙම තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් ඉන්ධන ප්‍රවාහන බවුසර් රථවල ආරක්ෂාව සඳහා ඉන්ධන බෙදාහැරීම් කටයුතු අත්හිටුවීමට සිදුවන බව කංචන විජේසේකර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර ඇත.

මේ අතර ඉන්ධන පිරවුම්හල් අසල මාර්ගය අවහිර කරමින් හෝ පිරවුම්හල් අසල කලහකාරී ලෙස හැසිරෙන්නේ නම් එවැනි පිරවුම්හල්වලටද ඉන්ධන ප්‍රවාහනය නොකිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button