ඉන්දියා – පාකිස්ථාන තරඟය සඳහා ආරක්ෂාව තර කිරීමේ තීරණයක්
20යි 20 ලෝක කුසලානයේ ඉන්දියා – පාකිස්ථාන තරඟය පැවැත්වීමට නියමිත අයිසන්හවර් ක්රීඩාංගණය අවට ආරක්ෂාව තර කිරීමට ප්රාන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා.
නිව්යෝක් ආණ්ඩුකාරවරයා මෙම තීරණය ගෙන ඇත්තේ, ජුනි 09 වැනි දා පැවැත්වීමට නියමිත ඉන්දු – පාකිස්ථාන තරඟයට ත්රස්ත ප්රහාරයක් එලල් විය හැකි බවට පළවන වාර්තා හේතුවෙන්.
ජුනි 3 වැනි දා සිට 12 වැනි දා දක්වා මෑන්හැටන් නගරයේ පිහිටා ඇති අයිසන්හවර් ක්රීඩාංගණයේ 20යි 20යි ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේ තරඟ 8ක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ත්රස්ත තර්ජන එල්ල වී ඇත්තේ, ජුනි 09 වැනි දා පැවැත්වීමට නියමිත ඉන්දු – පාකිස්ථාන තරඟයට වන අතර ප්රාන්ත බලධාරීන් ක්රීඩාංගණය අවට සති කිහිපයක සිට ආරක්ෂාව තර කර තිබෙනවා.
මෙම තර්ජන සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තහවුරු කිරීම් නොමැති නමුත් ක්රීඩකයින්ගේ සහ ප්රේක්ෂකයින්ගේ ආරක්ෂාව තම ප්රමුඛ වගකීම බව නිව්යෝක් ආණ්ඩුකාරවරයා අවධාරණය කර සිටිනවා.