දේශීය

මෙරට ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ දූත පිරිසක් ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක Colonel Amanda Johnston සහ ඕස්ට්‍රේලියානු රජයේ සාම මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරී Lieutenant Colonel Mike Webbe ඇතුළු දූත පිරිසක් ඉකු​ත් 27 වැනි දි​න  ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයට පැමිණ තිබුණා.

ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්‍ෂක  කර්නල් නලින් හේරත් මහ​තා විසින් එම දූත පිරිස උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර දෙපාර්ශ්වයේ නියෝජිතයන් අතර  දිවිපාර්ශවීය සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.  

ඉන් අනතුරුව, එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රවේශය සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ඇතුළු අනෙකුත් ක්‍රියාකාරකම් වලදී දෙරට අතර, අන්තර්ක්‍රියා පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම වැනි මාතෘකා කෙරෙහි වැඩි අවධානයක් යොමු වුණා.

තවද මෙම සාකච්ඡාවේදී ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා ආරක්‍ෂක සබඳතා වඩාත් ශක්තිමත් කිරීම සඳහා උපාය මාර්ගික මට්ටමේ අවස්ථා සෙවීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළා.

නීතිවිරෝධී සංක්‍රමණය වැළැක්වීම සඳහා ද්විපාර්ශ්වික මුල පිරීම් සහ අනාගතයේදී ද පාර්ශ්වීය සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම දෙපාර්ශ්වයේ නියෝජිතයන් අවධාරණය කරනු ලැබුවා.

එහි​දී ආරක්‍ෂක උපදේශකවරිය ප්‍රකාශ කළේ, ඉදිරියේදීත් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ට ඕස්ට්‍රේලියානු රජයේ අඛණ්ඩ සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බවයි.

සාකච්ඡාව අවසානයේ ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය මගින් ප්‍රකාශයට පත් කරන ලද ආරක්‍ෂක සමාලෝචන සඟරාවේ නව සංස්කරණය ද නියෝජිත පිරිස වෙත පිළිගැන්වනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button