දේශීය

කලා උපාධිවල වෙනසක්

විශ්වවිද්‍යාල, කලා උපාධි පාඨමාලා විෂයන් රැසක් රැකියා වෙළෙඳපොලට සරිලන පරිදි යාවත්කාලීන කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාගවන් මහතා සඳහන් කළේ, කලා විෂය ධාරාවන්ගෙන් උපාධි පාඨමාලා 314ක් ක්‍රියාත්මක බවයි.

එම උපාධි පාඨමාලාවල ගුණාත්මක බව පවත්වාගනිමින් වත්මන් රැකියා ලෝකයට සරිලන පරිදි අදාළ යාවත්කාලීන කිරීම් සිදුකරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

අදාළ යාවත්කාලීන කිරීම් ලබන වසර අවසාන වීමට පෙර සිදු කිරිමට නියමිත බවද එහිදී සඳහන්වනවා.

වත්මන් සමාජයේ පවතින රැකියා ඉල්ලුමට සරිලන පරිදි වෘත්තිමය හා ප්‍රායෝගික හැකියාවන් වර්ධනය කර සිසුන්ට යහපත් අනාගතයක් නිර්මාණය කිරීම එහි අරමුණ බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button