ක්‍රීඩා

ආසියානු පැරා ක්‍රීඩා උළෙලෙන් රන් පදක්කම් ද්විත්වයක්

චීනයේ පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ මීටර 100 ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිව තිබෙනවා.

නුවන් ඉන්දික මෙම රන් පදක්කම දිනාගත්තේ T44 මීටර 100 ඉසව්වෙන් වන අතර, එහිදී ඔහු එම ඉසව්ව නිම කළේ, තත්පර 11 යි දශම 06 යි තුනකින්.

එහි රිදී පදක්කම මලයාසියාව සහ ලෝකඩ පදක්කම සත්කාරක චීනය විසින් දිනා ගත්තා.

තවද, ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 1500 ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ ප්‍රදීප් සෝමසිරි දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button