කෙහෙළියට විදෙස් ගමන් තහනමක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනම පනවා ඇති බවට වාර්තා වුණා. එහිදී අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ හෙට දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටයි.