දේශීය

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයූතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කළා.

එම ගැසට් නිවේදනය අනුව,

දැනටමත් අවුරුදු 63 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් මේ වසරේ දෙසැම්බර් 31ට පෙර විශ්‍රාම ගැනීම,

මේ වන විට අවුරුදු 62 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් අවුරුදු 63දී විශ්‍රාම ගැනීම,

මේ වන විට අවුරුදු 61 සම්පූරණ කර ඇති වෛද්‍යවරුන් අවුරුදු 62දී විශ්‍රාම ගැනීම,

මේ වන විට අවුරුදු 60 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් අවුරුදු 61 දී විශ්‍රාම ගැනීම,

අවුරුදු 59 සම්පූර්ණ කර ඇති වෛද්‍යවරුන් අවුරුදු 60 දී විශ්‍රාම යා යුතු බව එම ගැසට් නිවේදනයේ දැක්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button