හිස්බුල්ලා සංවිධානයේ අණ දෙන නිලධාරියෙක් මරුට
තම සංවිධානයේ ඡ්‍යේෂ්ඨ අණ දෙන නිලධාරියෙක් වූ ෆුවාඩ් ෂුක්ර් ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය බව හිස්බුල්ලා සංවිධානය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
ඔහු ලෙබනනයේ බේරූට් නුවර හිස්බුල්ලා අණසක යටතේ පවතින ප්‍රදේශයකදී බදාදා පාන්දර එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වී තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔහු නිදා සිටි ගොඩනැගිල්ලේ කාන්තාවන් දෙදෙනෙක් සහ දරුවන් දෙදෙනෙක්ද එම ප්‍රහාරයෙන් මරුමුවට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.
එම ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසුව ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ ද මියගියා.
ඔහුව ඝාතනය කර තිබුණේ ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් හි නිවසකට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින්.
මෙම ඝාතන හේතුවෙන් මැද පෙරදිග යුද උණුසුම වැඩිවී ඇති බව දේශපාලන විචාරකයන් පවසා ඇති බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
මේ අතර කෙළින්ම ඊශ්‍රායලයට පහර දෙන්නැයි, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී අණ දී තිබෙනවා.
ඉරාන උත්තරීතර නායකයා මෙලෙස අණ කළේ, ඊශ්‍රායලය ඉරානයේ දී හමාස් දේශපාලන අංශ නායක ඉස්මායිල් හානියේ ඝාතනය කිරීමත් සමඟයි.
ඉරාන උත්තරීතර නායකයා, ඊශ්‍රායලයට පහර දෙන්නැයි ඉරාන ආරක්ෂක අංශවලට අණ කළේ, හානියේ ඝාතනය සම්බන්ධයෙන් ඉරාන ආරක්ෂක මණ්ඩලය හදිසි සැසියක් පැවැත්වූ අවස්ථාවේදීයි.