ජපානයේ සමලිංගික විවාහ තහනම් කිරීම ගැන ඓතිහාසික තීන්දුවක්
සමලිංගික විවාහ නීතිගත කිරීමේ යෝජනාවට සහාය වන තීන්දු දෙකක් ජපාන දිස්ත්‍රික් උසාවියෙන් ලබාදී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ අනුව ජපානයේ සමලිංගික විවාහ තහනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට යළිත් අධිකරණය තීන්දු කර ඇති බවයි.
මෙම සතියේදී, ටෝකියෝ සහ සපෝරෝහි උසාවි විසින් එය “ව්‍යවස්ථා විරෝධී” බව තීන්දු කර ඇත්තේ, පෙර තීන්දුවලටද අනුකූලව බවයි සඳහන් වන්නේ.
දැනට සමලිංගිකයින් සඳහා පැහැදිලි නීතිමය ආරක්ෂාවක් ලබා නොදෙන එකම G7 රට ජපානය වන අතර සමලිංගික සංගම්වලට ඉඩ ලබා දෙන එකම රට වන්නේ තායිවානයයි.
ජපානයේ මහ නගර සභා සහ ප්‍රාන්ත කිහිපයක් පමණක් සමලිංගිකයින්ට සමහර ප්රතිලාභ ලබා දෙන අතර ඔවුන්ට සමාන නීතිමය පිළිගැනීමක් ලබා නොදෙන බවයි වාර්තාවන්නේ.
මේ සඳහා මහජන සහයෝගය සැලකිය යුතු ලෙස වර්ධනයවී ඇති බැවින් අගමැති ෆුමියෝ කිෂිඩාගේ රජය මෑත වසරවලදී මෙම ගැටලුව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කෙසේවෙතත් ඡන්ද විමසීම්වලින් ජනගහනයෙන් 70%ක් සමලිංගික සංගම්වලට සහාය දක්වන බව පෙන්නුම් කර තිබෙන බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.