දේශීය

ඇහැලියගොඩ විශාල කන්දක නායයෑමක්

ඇහැලියගොඩ ගැටහැත්ත උඩුවක ප්‍රදේශයේ විශාල කන්දක් නායයෑම හේතුවෙන් නිවාස 8ක් මුළුමනින්ම විනාශ වී තිබෙනවා.

අද (27) දහවල් 1ට පමණ මෙම නායයෑම සිදුවී ඇති අතර නායයෑමේ ලක්ෂණ අද උදෑසන සිටම දක්නට ලැබීම හේතුවෙන් නිවාස අවටවූ පවුල්වල පිරිස් ඉවත්වී තිබුණා.

මෙම නායයෑමට ලක්වූ ස්ථානයට පහළින් ගලා බසින ගැටහැති ඔය මුලුමනින්ම හරස්වී ඇති බැවින් ඇළ ඉහළ කොටසට ගංවතුර අවධානමක් ද හටගෙන තිබෙනවා.

මේ වනවිට නායයෑම සක්‍රීය වූ ස්ථානයේ පවුල් 48ක පුද්ගලයන් 158 දෙනෙකු ඉවත්කර උඩුවක සිද්ධාර්ථ විදුහලේ රඳවා සිටිනවා.

එමෙන්​ම සහන කටයුතු ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සිදුකරන බව ඇහැලියගොඩ ප්‍රදේශීය ලේකම් එස්. ඒ. දිල්රුක් මහතා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button