දේශීය
ව්‍යවස්ථා සභාව ගැන කථානායකගෙන් ජනපතිට ලිපියක්
![](https://www.sinhala.dailytimes.lk/wp-content/uploads/2023/11/kathanayaka.jpg)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය පිලිබඳව කරුණු විස්තර කරමින් ඔහුට ලිපියක් යවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.
කථානායකවරයා පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ලෙස ඔහු එම ලිපිය යොමු කරන බවයි.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සමහර කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ විවේචනය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා.