දේශීය

සජබෙ​න් මැතිවරණ කොමිෂන් සභාවට ලිපිය​ක්

ජනාධිපතිවරණ ප්‍රචාරක උපක්‍රම සඳහා පොලිසිය යොදා ගැනීම සහ මුද්‍රණාලයේ කටයුතු අඩපණ කිරීමට දරණ උත්සහයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (11) ලිපියක් භාරදී තිබෙනවා.

ඒ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමන් සහ අශෝක් අබේසිංහ යන අ​ය විසින්.

පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාරගේ අත්සනින් යුතු එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් වැඩමුළු පැවැත්වීම සදහා යැයි පවසමින් ප්‍රජා පොලිස් කම්ටු සාමාජිකයන් සහභාගීවන රැස්වීම් සූදානම් කර ඇති බවයි.

එමෙන්ම රජයේ මුද්‍රණාලයේ සේවකයන් අතර ව්‍යාකූලතාවයක් ඇති කර මැතිවරණ කටයුතු සදහා බාධා පැමිණවීමේ උත්සහයක් වාර්තා වන බවද එම ලිපිය මගින් පෙන්වා දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button