දේශීය

උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂක අයදුම් ඔන්ලයින් හරහා

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2023 (2024) උත්තර පත්‍ර ඇගැයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීම දෙසැම්බර් 19 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය මඟින් සිදු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

පෙරේදා(28) සිට මෙම අයදුම්පත් කැඳවීම ආරම්භ කෙරිණු අතර https://onlineexams.gov.lk/eic සබැඳිය ඔස්සේ උත්තර පත්‍ර ඇගැයීම් කටයුතු සඳහා පරීක්ෂකවරුන්ට අයදුම් කළ හැකි බවයි සඳහන්වන්නේ.

එමෙන්ම උසස් පෙළ විභාගය 2024 ජනවාරි මස 04 වැනිදා පැවැත්වන බවද අමිත් ජයසුන්දර මහතා සඳහන් කළා.

මේ අතර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අභියාචනා කැඳවීම දෙසැම්බර් 04 වැනිදා දක්වා සිදු කරන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

මෙම අභියාචනා කැඳවීම පසුගියදා (27) ආරම්භ කෙරුණා.

ඔහු පෙන්වාදෙන්නේ,මේ සඳහා විභාග අපේක්ෂකයා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති විසින් පාසල වෙත ලබාදී ඇති පරිශීලක නාමය හා මුරපදය භාවිතා කරවිදුහල්පති විසින් පාසල වෙත ලබාදී ඇති පරිශීලක නාමය හා මුරපදය භාවිතා කර http://onlineexams.gov.lk/eic දරන වෙබ් අඩවියේ SCHOOL LOGIN වෙත පිවිස අභියාචනා ඉල්ලීම ඉදිරිපත් කළ යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button