දේශීය

සුඛෝපභෝගී මෝටර් රථයක් රාජසන්තක කෙරේ

අල්ලස් කොමිසම භාරයට ගනු ලැබූ සුඛෝපභෝගී මෝටර් රථයක් රාජසන්තක කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා.

රේගුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රජයට රුපියල් කෝටි පහමාරකට අධික බදු මුදලක් වංචා කරමින් මෙම මෝටර් රථය ආනයනය කර තිබූ බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

බදුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සතුව තිබූ මිට්ෂුබිෂී (Mitsubishi) වර්ගයේ මොන්ටේරෝ ජීප් රථයක් මෙලෙස රාජසන්තක කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button