විදෙස්

ඉන්දියාව පුරා වෛද්‍ය වර්ජනයක්

ඉන්දියාවේ වෛද්‍යවරුන් රට පුරා වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, පසුගියදා බටහිර බෙංගාලයේ කොල්කටා නගරයේදී වෛද්‍යවරියක අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධිය මුල් කරගනිමින්.

කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය වෛද්‍ය සංගමය ප්‍රකාශ කළේ, අත්‍යවශ්‍ය සහ හදිසි අනතුරු සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවටයි.

ඒ අනුව, අත්‍යවශ්‍ය නොවන සියලු‍ම රෝහල් සේවා කටයුතු අඩාල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය 09වනදා 31 හැවිරිදි මෙම වෛද්‍යවරිය රෝහලේ සම්මන්ත්‍රණ ශාලාවක විවේක ගනිමින් සිටියදී ඝාතනයට ලක්ව තිබුණා.

ඊට එරෙහිව ඉන්දියාව පුරා කාන්තාවන් දහස් ගණනක් වීථි බැස කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින් විරෝධතාවල නියැලුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button