දේශීය

නිදහස් පක්ෂයෙන් නව සන්ධානයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් පක්ෂ කිහිපයක් සමඟ එක්ව “පොදුජන එක්සත් පෙරමුණ” නමින් නව සන්ධානයක් අද (14) කොළඹ පැවැති රැස්වීමකදී පිහිටුවා.

එම සන්ධානයේ නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත් කර තිබෙනවා.

පොදුජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ප්‍රගතිශීලි වාමාංශික දේශපාලන පක්ෂ වල එකතුවෙන් නිර්මාණය වූ පක්ෂයක්.

ඒ අනුව පොදුජන එක්සත් පෙරමුණ විවිධ පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගි වී සිටියා.

එහි ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා නිඩහස් පක්ෂ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පත් කර තිබෙන අතර භාණ්ඩාගාරික ධූරයට රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායකමහතා පත් කර තිබෙන බවට වාර්තා වනවා.

තවද 21 දෙනෙකුගෙන් සමන්විත නායකත්ව මණ්ඩලයක් මෙයට ඇතුළත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button