හේලීස් ඇග්රිකල්චර් ආයතනයෙන් නව නිෂ්පාදනයක්
හේලීස් ඇග්රිකල්චර් හෝල්ඩින්ස් ලිමිටඩ් විසින් පොලිඑතිලීන් නල නිෂ්පාදන කම්හලක් සපුගස්කන්ද ලින්ඩෙල් කාර්මික පරීශ්‍රය තුළ විවෘත කර තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රය තුළ විප්ලවීය වෙනසක් ඇති කරමින් උසස් ජල සම්පාදන විසඳුම් ලබාදීම අරමුණු කරගනිමින්.
හේලීස් ඇග්රිකල්චර් ආයතනය, මෙම නවතම කර්මාන්තශාලාව ආරම්භ කර ඇත්තේ, ක්ෂුද්‍ර ජල සම්පාදනය පිළිබඳව ලොවම පිළිගත් තාක්ෂණයක් සහ දැනුමක් සහිත තායිලන්තයේ Kanok Products ආයතනය සමග අවබෝධතා ගිවිසුමකට එලඹීමෙන් අනතුරුවයි.
මෙම නවීන කර්මාන්තශාලාව තුළ 16mm සිට 63mm දක්වා විෂ්කම්භයක් සහිත උසස් තත්ත්වයේ නියම අමුද්‍රව්‍ය භාවිතයෙන් නිමවුණු නල නිෂ්පාදය කරන අතර, මෙමගින් දේශීයව නිෂ්පාදනය කරන ලද වැඩි ඝනත්ව පොලිඑතිලීන් (HDPE) සහ අඩු ඝනත්ව පොලිඑතිලීන් (LDPE) නල, පහසු මිල ගණන් යටතේ ලබා ගැනීමට හැකියාව පවතිනවා.
හේලීස් ඇග්රිකල්චර් සමාගම කෘෂිකාර්මික ක්ෂේත්රය වෙනුවෙන් ගුණාත්මක සහ නව්‍ය විසදුම් ලබාදීම පිළිබඳව මෙරට ගොවි ප්‍රජාවගේ ඉහළම විශ්වාසයක් දිනාගෙන සිටින ආයතනයක් වන අතර, එහි කෘෂි උපකරණ අංශයේ ප්රමුඛ සන්නාමයක් වන “Inotec piyasa” මෙරට කෘෂිකර්මාන්තය නව තාක්ෂණය සමඟ මුසු කිරීමට අවශ්‍ය සියලුම යෙදවුම් සැපයීම තුළින් අද්විතීය නාමයක් හිමිකරගෙන සිටිනවා.
මෙම නව කර්මාන්තශාලාව විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, ගුණදාස සමරසිංහ මහතා සහභාගි වූ අතර හේලීස් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා, කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතා ඇතුළු කෘෂිකර්ම අංශයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් රැසක් ද එම අවස්ථාවට සහභාගී වුණා.