නුවරඑළියේ පාසල් ළමුන්ට එක්දින මාධ්‍ය වැඩමුළුවක්
නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් සිංහල මාධ්‍ය පාසල්වල මාධ්‍ය සංසද නියෝජනය කරන සිසු සිසුවියන් වෙනුවෙන් එක්දින මාධ්‍ය වැඩමුළුවක් නුවරඑළියේ ඊයේ (28) පැවැත්වුණා.
ඒ, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනේඩියානු කොමසාරිස් එරික් වෝල්ෂ් මහතාගේ සහභාගිත්වයෙන්.
මෙහිදී ජනමාධ්‍ය විෂය ධාරාවට අයත් ලේඛන කලාව, වීඩියෝකරණය, ඡායාරූපකරණය, සංස්කරණය , වැඩසටහන් ඉදිරිපත් කිරීම සහ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වගකීම් හා කාර්යභාරයන් පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කළ අතර, ප්‍රායෝගික ක්‍රියාකාරකම් කිහිපයක් ද සංවිධානය කර තිබුණා.
මෙය සංවිධානය කර තිබුණේ “ලිටිල් ඉංග්රෑන්ඩ්” සුභසාධක පදනම විසින් වන අතර, ප්‍රවීණ මාධ්‍යවේදී රූපවාහිනී වැඩසටහන් පූරක රංගන ද සිල්වා මහතාගේ සහ ජේෂ්ඨ මාධ්‍යවේදී රංජිත් රාජපක්ෂ යන මහත්වරුන්ගේ සම්පත් දායකත්වය ලබා දී තිබුණා.
වැඩසටහන සදහා සහභාගි වූ පාසල් මාධ්‍ය ඒකක නියෝජනය කරන සියලුම දරුවන්ට සහ මාධ්‍ය ඒකක භාර ගුරුවරුන්ට වටිනා සහතික පතක්ද පිරිනැමීමට සංවිධායක මණ්ඩලය කටයුතු කරනු ලැබුවා.
නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ලසන්ත අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන සඳහා සර්ව ආගමික නායකයන් නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් සියලුම සිංහල මාධ්‍ය පාසල් වල මාධ්‍ය සංසද නියෝජනය කරන දරුවන්, මාධ්‍ය සංසද භාර ගුරු භවතුන් විශාල පිරිසක් හා ලිටිල් ඉංග්රෑන්ඩ් සුභ සාධක සංගමයේ සභාපති ජේ.ඒ.එම්.නලීර් මහතා සංවිධායක මාධ්‍යවේදී ආර්.එෆ්.එම්.සුහෙල් මහතා ඇතුළු නිලධාරි මණ්ඩලය සහභාගි වී සිටියා.