දේශීය

කළුබෝවිල රෝහලේ සිවුවැනි මහලින් රෝගියෙක් බිමට

කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසික ව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු එහි සිවු වැනි මහලෙන් බිමට පැන අද (14) අලුයම ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ, ගෝනපොල කන්දෙවත්ත ප්‍රදේශය පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක්.

මොහු උගුරේ ඇති වූ පිළිකා රෝගයක් නිසා මීට මාස 3ක පමණ සිට කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසික ව ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර, අද අලුයම 03ට පමණ සිවු වැනි මහලේ ජනෙල් කවුළුවකින් බිමට පැන මෙසේ ජීවිතක්ෂයට පත් ව ඇති බව සඳහන්.

මේ බව රෝගියා ප්‍රතිකාර ලබමින් සිටි වාට්ටුවේ රැඳී සිටි රෝගීන් දැක ඒ බව පොලීසිය දැනුවත් කිරීමෙන් පසු ව පොලිසියේ මේ ස්ථානයට ගොස් දේහය මෘත ශරීරාගාරයේ තැන්පත් කිරීමට පියවර ගෙන තිබෙනවා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button