දේශීය

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරලා

වාලච්චේන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලීසිය පවසන්නේ, මිතුරන් දෙදෙනෙකු අතර ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් එම පහරදීම සිදුකර ඇති බවයි.

ඊයේ (19) රාත්‍රී කාලයේදී මෙම ඝාතනය සිදුවී ඇති බව පොලීසිය පවසනවා.

මියගොස් ඇත්තේ බිරන්දරච්චේන ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වාලච්චේන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button