දේශීය

තියුණු ආයුධයකින් පහර​දී පුද්ගලයෙකු ඝාතනය කර​ලා

මොරටුව ලක්ෂපතිය රතුකුරුසවත්ත ප්‍රදේශයේ නිවසක අද (15) අලුයම තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 41 හැවිරිදි හරේන්ද්‍ර කුමාර නොහොත් “පොඩි අයියා” නැමැති පුද්ගලයෙක්.

ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට මොරටුව පොලිස් ස්ථානය කටයුතු කර තිබෙනවා.

ඝාතනය සිදුවූයේ කුමන කරුණක් සම්බන්ධව​ද යන්න මෙතෙ​ක් අනාවරණ වී නොමැති අතර මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඊයේ රාත්‍රී 11ට පමණ අදාළ නිවස ආසන්නයෙන් කෑගසන සද්දයක් ඇසුණු බවත් ඉන් සුළු වේලාවකට පසු නිවසේ පිරිත් නාදවීම හේතුවෙන් නිවසට ළඟා නොවූ බව​ත් ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළා.

කෑ ගැසීමට නොහැකි ආකාරයෙන් බිරිඳව කඹයකින් ගැට ගසා තිබී ඇති අතර, පසුව ඇය කෙසේ හෝ උත්සාහ කර ජංගම දුරකථනයෙන් අසල්වාසී කාන්තාවකට ඇමතුමක් ගෙන තිබෙනවා.

පසුව බිරිඳ වහාම රෝහල්ගත කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button