දේශීය

පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දුන් අයෙක් අත්අඩංගුව​ට

ලුණුගල, වලස්ඇල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.

පහර දීමෙන් තුවාල ලැබු පුද්ගලයා පහර දුන් පුද්ගලයා සමග මත්පැන් පානය කිරීමෙන් පසු ගම්මිරිස් එකතු කිරීමට ගිය අවස්ථාවේ දී මෙම පහර දීම සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.

පොලිසිය පැවසුවේ තුවාල ලැබු පුද්ගලයා 27 හැවිරිදි පුද්ගලයෙ​ක් බවයි.

බරපතළ තුවාල ලැබු පුද්ගලයා මේවන විට බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතීකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය වැඩිදුරට​ත් පවසන​වා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button