දේශීය

STF එකට ආයුද පෙන්වන්න ගිය පුද්ගලයෙක් ගල්කොරියකට වැටී මරුට

මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී සුමුදු රුක්ෂාන් වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු වන ශිරාර් නොහොත් තුවාන් නමැත්තා සගවා ඇති ආයුද තොගයක් පෙන්වීමට ගිය අවස්ථාවේ කඩුවෙල කොරතොට ප්‍රදේශයේ ගල්වලකින් පහළට ඇද වැටී තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

ඔහු ප්‍රබල පාතාල කල්ලි නායකයකු වන අංගොඩ ලොක්කා නැමැත්තාගේ සමීපතමයකු වන අතර කඩවත ඉහල බියන්විල ප්‍රදේශයේ පදිංචි අයෙකුද වනවා.

විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගෙන් මිදී පළා යාමට තැත් කිරීමේදී එම ගල්වලින් පහතට ඇඳ වැටී බරපතල තුවාල ලබා අතුරුගිරිය ඔරුවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙම තැනැත්තා මිය ගොස් ඇතැයි නවගමුව පොලිසිය සඳහන් කරනවා.

සැකකරු පළා යාමට තැත් කිරීමේදී සිදු වූ පොර බැදීමේදී තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරියකු ද තුවාල ලබා අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ පොලිස් රෝහලට මාරු කර යවා තිබෙනවා.

මියගිය ශිරාර් නොහොත් තුවාන් නමැත්තාට පුද්ගල ඝාතන ඇතුලු බරපතල චෝදනා රැසක් පවතින බවයි පොලිසිය සඳහන් කරන්නේ.

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button