දේශීය

කුළු බඩු කර්මාන්තය ගොඩනගන්න වැඩ පිළවෙළක්

අතීතයේ මෙරට ප්‍රධාන ආදායම් මාර්ගයක්ව පැවති කුළුබඩු කර්මාන්තය නැවත නඟා සිටුවීමට පුළුල් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ සඳහා නිසි සැලැස්මක් සකස් කරන ලෙස ශ්‍රී ලංකා කුළුබඩු සංගමය වෙත උපදෙස් දුන් ජනාධිපතිවරයා අවශ්‍ය පහසුකම් සලසාදීමට රජය සුදානම් බවත්, පෞද්ගලික අංශයද එක් කර ගනිමින් එම වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවත් සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ, කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවති ශ්‍රී ලංකා කුළුබඩු සංගමයේ 19 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමින්.

ශ්‍රී ලංකාවේ කුරුදු කර්මාන්තයේ ප්‍රවර්ධනයට දැක්වූ දායකත්වය වෙනුවෙන් සාරදද සිල්වා සහ මහාචාර්ය ජයසිරි ලංකාගේ යන මහත්වරුන් වෙත සම්මාන පිළිගැන්වීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදුවුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙතද සමරු තිළිණයක්ද මෙහිදී පිළිගැන්වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button