කෝටා ක්‍රමයක් ගැන බලශක්ති ඇමති ට්විටර් මගින් කියයි
සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්, රටේ මූල්‍ය තත්ත්වය යහපත් වන තෙක් ඉන්ධන සඳහා කෝටා ක්‍රමයක් හඳුන්වාදීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඒ අනුව ජුලි මස පළමු සතියේ සිට පාරිභෝගිකයින් ඉන්ධන පිරවුම්හල්වල ලියාපදිංචි කර ඔවුන්ට අවශ්‍ය ඉන්ධන සතිපතා සැපයීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.
මූල්‍ය තත්ත්වය ශක්තිමත් කර අඛණ්ඩ ඉන්ධන හා විදුලි සැපයුම තහවුරු කර තෙක් මෙම ක්‍රියාමාර්ගය ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
පැය 24ක අඛණ්ඩ විදුලි සැපයුම සඳහා මසකට ඉන්ධන වෙනුවෙන් අමතර ඩොලර් මිලියන 100ක මුදලක් වැය වන බව පෙන්වා දෙන අමාත්‍යවරයා පවසන්නේ ගෑස් හිඟය හේතුවෙන් විදුලි ඉල්ලුම හා භූමිතෙල් ඉල්ලුම ද ඉහළ ගොස් ඇති බවයි.
මීට මාස 04කට පෙර ඩොලර් මිලියන 200ක් වු මාසික ඉන්ධන ආනයන වියදම මේ වන විට ඩොලර් මිලියන 550ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද මූල්‍ය අර්බුදය හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව සතියක් සඳහා ප්‍රමාණවත් වන පරිදි ඉන්ධන ආනයනයට පියවර ගෙන ඇති නමුත් විදුලි ජනන යන්ත්‍ර සඳහා ඇතැම් පුද්ගලයින් මාසයකට පමණ අවශ්‍ය වන ඉන්ධන තොග රැස්කිරීම සිදුකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.