විශේෂාංග

ශ්‍රී ලංකාවේ පොළොන්නරුවෙන් හමුවූ දුර්ලභ ශිලා ලේඛනය

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති අතිශය දුර්ලභ හා විශාලතම ශිලා ලේඛනය පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳුවැටියෙන් හමු වී ඇති බව පොළොන්නරුව පුරාවිද්‍යා කාර්යාලය සඳහන් කරනවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ශිලා ලේඛන අංශයේ නිලධාරීන් සහ පොළොන්නරුව පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම් විසින් මෙම අතිශය දුර්ලභ ශිලා ලේඛනය සොයාගෙන තිබෙනවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ පරිදි මෙම ශිලා ලේඛනය පිටපත් කිරීම සඳහා මසකට අධික කාලයක් ගත වන බවයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් සහ සේවකයන් කණ්ඩායම දිඹුලාගල කඳු වැටියේ නවාතැන්ගෙන පසුගිය 26 වැනිදා සිට එම ශිලා ලේඛනය පිටපත් කිරීම් කටයුතු සිදු කිරීම ආරම්භ කර ඇති බව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් පවසනවා.  

මෙම ශිලා ලේඛනය දිගින් අඩි 45ක් සහ උසින් අඩි 18ක් පමණ වන බවද වාර්තා වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button