විදෙස්
ෆින්ලන්තයේ පාසලක වෙඩිතැබීමක්
ෆින්ලන්තයේ, වැන්ටා නගරයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එරට වෙලාවෙන් අද (02) උදෑසන එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
වෙඩි තැබීම සම්බන්ධයෙන් 13 හැවිරිදි වියේ පසුවන සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරනවා.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව එම පාසලේ සිසුන් 800ක් සහ කාර්ය මණ්ඩලයේ 90ක් පමණ දෙනා සිට ඇති බව සඳහන්.